ගොඩක් බ්ලොග් ලියන අය ඇඩ්සෙන්ස් ට්‍රයි කරන බවක් පේනවා. අඩවියට හොද ටැ‍ෆික් එකක් තිබ්බොත් ඇඩ්සෙන්ස් හම්බුවෙන්න තියෙන හැකියාව වැඩියි. නමුත් ටැෆික් එක අඩු අයටනම් හම්බුවෙන්න තියෙන හැකියාව බොහොමත්ම අඩුයි. ඉතින් දැන් ගොඩක් අය ඇඩ්සෙන්ස් වලට ට්‍රයි කරන එක අතහැරලා වෙනත් දැන්විම් කලාවන්ට යන්න පටන් අරගෙන තියෙන්නේ. ඒත් ගොඩක් අයට හොද, විශ්වාසවන්ත තැනක් හොයාගන්න බැරිව ඉන්නවා. ඉතින් අද මම හොද,විශ්වාසවන්ත ඇඩ් ක්‍රමයක් ගැන කියන්නම්. ‍හැබැයි මේ ඇඩ් ක්‍රමය සිංහල බ්ලොග් වලට වැඩ කරන්නේ නැ. ඒත් වැඩ කරන විදිහට හදාගන්න පුළුවන්. මම ඒ ‍ගැන තව ටිකකින් කියන්නම්.

ඇඩ් ක්‍රමය ගැන කතා කළොත් එකේ නම තමයි Infolinks


මේක වැඩ කරන හැටි ගැන කතා කොළොත් අපි අපේ පොස්ට් එකේ ලිපියක් ලිවිමේදි එයට නොයෙක් ඉංග්‍රිසි වචන යෙදුවොත් (මාතෘකාවට ගැලපෙන) Infolinks වෙතින් එම ඉංග්‍රිසි වචන වලට ගැලපෙන ඇඩ් එකක් ඒ ඉංග්‍රිසි වචනය ගාවට මවුසය ගෙන ආවිට පෙන්නනවා. කවුරුහරි ඒ ඇඩ් එක උඩ ක්ලික් කරොත් එයට ආදාල යම්කිසි මුදලක් අපේ ගිණුමට බැර වෙනවා.

මම හිතනවා දැන්විම් වැඩ කරන හැටි ගැන දැනුමක් එන්න ඇති කියලා. දැන් අපි බලමු මේ අඩවියේ සමාජිකයෙකු වෙලා අපේ බ්ලොගයට දැන්විම් ලබාගන්න හැටි.

මුලින්ම Infolinks වෙබ් අඩවියට යන්න මෙතන ඔබන්න.

දැන් වෙබ් අඩවියට ගියාම පහත ආකාරයේ තිරයක් පෙනෙයි. එකෙන් Join us Now බොත්තම ඔබන්න (පලමු රුපය බලන්න)

පලමු රුපය

දැන් ඔයාට ඔයාගේ තොරතුරු පුරවන්න ෆෝම් එකක් ලැබෙන්න ඇති.. හෝව්..හෝව්...පුරවන්න එපා. මම මුලදිම කිව්වනේ නිකං පිරෙව්වාට ඔයාට සිංහල බ්ලොග් වලට දැන්විම් ගන්න බැරි වෙයි කියලා. අන්න ඒ හින්දා ඔයාට ලැබුන ෆෝම් එකේ Website URL එකට ඉංග්‍රිසි බ්ලොග් එකක ලිංක් එක දෙන්න. දැන් සාමාන්‍ය පරිදි අනිත් කොටස් පුර‍වගෙන යන්න.

දැන් අවසානේට තියෙන Continue බොත්තම ඔබලා රෙජිස්ටර් විමේ පියවරවල් අවසන් කරගන්න.

දැන් පහත ආකාරයේ තිරයක් ඔයාට ලැබෙනවා. (දෙවැනි රුපය බලන්න) එකේ නිල් පාට කොටුව තුළ තිබෙන කෝඩ් එක ඔයාගේ බ්ලොගයේ </body> ටැග් එක ඉවර වෙන්න කළින් පෙස්ට් කරන්න. ඕක ඔහොම කිව්වාට තේරුනේ නැත්තම් ඊට පහලින් තියෙන බොත්තම ඔබන්න. (දෙවැනි රුපයේ රතු පාටින් කොටු කර ඇති තැන බලන්න)

දෙවැනි රුපය

දැන් ඒ ගැජට් එක ස්වයංකියව ඔයාගේ බ්ලොගයට ඇඩ් වෙනවා. දැන් ඔයාට මෙයට ආදාළ මේල් එක ලැබෙන්න ව්‍යාපාර දින 2ක් පමණ ගතවෙනවා. 

අදට එහෙනම් ඔය ඇති. කට්ටියම Infolinks වෙබ් අඩවියේ සාමාජිකයෙක් වෙලා ඉන්නකෝ. අපි ඊලග කොටසෙන් බලමු කොහොමද ඇතුලේ වැඩ ටික කරගන්නේ කියලා. ඉදිරියට අපිත් සමග එකතු වෙලා ඉන්න කියලා ඉල්ලනවා.