1. Googleසමාගම ඕබේ විස්තර සියල්ල දනි

ගොඩක් අය කියනවා අපි සිටින්නේ කොහෙද? අපි යු ටියුබ් වලින් බලන්නේ මොනවද කියලා… ඔවුන් දන්නා බවයි… එහි එක්තරා ඇත්තක් ඇත. ඔබගේ එකට අදාල තොරතුරැ ඔවුන් මාස 9 ක් පමණ තබා ගනියි. යු ටියුබ් වෙබ් අඩවියෙන් ඔබ නරඹන විඩියෝ මොනවාදැයි ඔවුන් ගබඩා කරගනි. නමුත් ඔබගේ නම වැනි කිසිම දෙයක් ගුගල් සමාගම‍ට කිසිදු හැකියාවක් නොමැති බවත් ඉමේල් වලින් පමණක් ඔබ සිටිනා ස්ථානය. නම්බර් වැනි දේවල් පමණක් දැන ගත හැකි බව ඔවුන් පවසයි….

2. Google earth ඔබගේ ‍පුද්ගලික තොරතුරැ හොරා ගනියි.

කිසි සෙත්ම නැ. ගොඩක් අය කියන්නේ මේ අනුව ඕබේ තොරතුරැ ගුගල් සමාගමට දැන ගත හැකි බවයි….. ඒසේම බලන තැන් සජිව් චන්දීකා රුප බවත් ඔවුන් පවසයි…. නැත… එය අවුරැද්දක් පමණ පරණ රුප වේ…..

3. Google අන්තර්ජාලය අල්ලා ගනියි.

ගුගල් මේ වන විටත් බොහෝ සේවාවන් නොම්ලේ ඔබ‍ට සපයයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ නොබෝ කලකින්ම ගුගල් සමස්ත අන්තර්ජාලයම ඔවුන්ගේ යටතට ගන්නා බවයි. ගුගල් ඔබ‍ට ඉක්මණින් තොරතුරු සපයන්නේ dark fiber නම් විශේෂ තන්තු වර්ගයකිනි. එම නිසා වෙනත් සෙවුම් යන්ත වලට වඩා වැඩි වේගයකින් ගුගල් තොරතුරු ඔබ‍‍ට සපයයි. ඔවුන් පවසන්නේ ඔවුන්ගේ අරමුණ සමාජිකයන්‍ට නොම්ලේ සේවාවන් සැපයිම බවත්ය..